My Blog List

Wednesday, September 14, 2011

news

2011/09/15
ජනතාව රකින්න, කොළඹ දිනන බව රනිල් කියයි.


කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කර ජනතාව ආරක්‍ෂා කරන බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා. මට්ටක්කුලිය - සමිතිපුර ප‍්‍රදේශයේ ඊයේ (14) පැවති රැස්වීමකට සහභාගී වෙමින් විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ඊයේ ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ද කොළඹ මහනගර සභාව පිළිබඳ අදහස් දැක්වූවා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ මහනගර සභාව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනගර සභාවක් බවට පත්කරන බවයි.

news

5 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අද නිකුත් කෙරේ.
2011/09/15

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල අද (14) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ ප‍්‍රකාශ කළා. හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද දහවල් 12 වනවිට ප‍්‍රතිඵල අන්තර්ජාලයට එක්කරන බවයි. www.doenets.lk වෙබ් අඩවියෙන් ප‍්‍රතිඵල ලබාගත හැකියි. පසුගිය අගෝස්තු 21 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්‍ෂ 21,427 ක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඉන් සිසුන් දෙලක්‍ෂ 41,610 ක් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි අතර, 79,817 ක් දෙමළ මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත් වුණා.