My Blog List

Monday, October 10, 2011

                              යාල්පානමේ දින කිහිපයක්..


                        ශ්‍රී ලංකාව වූ කලි මුහුදින් වටවුණු දුපතකි.ඒ නිසාම ස්භාවස්වුන්ධර්යෙන් අනුනව රට නිර්මාණය වී තිබේ.දුපතක් වුවත්,විවිධ රටරට වල ඇති වන ආකාරයේ දේශසිමා අර්බුද අපට නොතිබුණා නොවේ.ප්‍රධාන වශයෙන් තිබුනේ, දෙමල ජනතාවගේ විමුක්තිය සදහා,ක්‍රියා කරනවා කියමින් කටයුතු කල LTTE සංවිධානයේ බලපෑම්ය.වර්තමානය වනවිට ඒ සියල්ලක්ම අවහිර වී රටට සාමය උදා වී ඇත.ඒ කුරිරු අතීතය අමතක කොට සියල්ලක්ම නව අනාගතයකට පා තබා ඇත.
යාපනය යනු, ශ්‍රී ලංකාවේ උතුරේ පැවති,ප්‍රධානතම නගරයයි.අතීතයේ පටන්ම දේශපාලනික මෙන්ම,ආර්ථික වශයෙන්ද,එය වැදගත් විය. වර්තමානයේ අපට එය ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ,LTTE යන්ගේ ප්‍රධානතම බලකදවුර එහි පිහිටා තිබීමත්,පැවති යුධමය වාතාවරණයත් නිසා දකුණේ ජනතාවට උතුරට යාමට නොහැකි වීම නිසා වසර ගණනාවක් යාපනය මොනවගේ දැයි දැකබලා ගැනීමට ඔවූනට නොහැකි වීමයි.දැන් යාපනයට ගොස් එහි සිරි අසිරි විදීමට ජනතාවට අවස්ථාව ලැබී ඇත.එහෙවු වූ අවදියක යාපනයේ සංචාරය කිරීමට කවුරුත් ආශා කරති.මටත් ඒ මහගු භාග්‍ය උදා විය.
මා යාපනය සංචාරය කලේ ,අපේ කොලේජ් එක මගින් සංවිධානය කල චාරිකාවට එක් වීමෙනි.අපි යාපනයේ සංචාරය කලේ,හුදෙක්ම විනෝද චාරිකාවක් යන අදහසකින් නොවේ.එහි ගොස් කිරීමට බොහෝ වැඩ ඇති බව යන්නට පෙර අපිව දැනුවත් කරන ලදී.කෙසේනමුත් නියමිත දිනය උදා විය.එට කලින් දිනයේ ඇදුම් ටික පැක් කිරීමට බොහෝ වෙලා ගත වූ බව මතකය.නියමිත වෙලාවට ළමුන් පැමිණ සිටියද, ඇතැමුන්ගේ ප්‍රමාදය නිසා ගමන පිටත් වීමට පැය භාගයක් පමණ ප්‍රමාද විය.යාමට තිබුනේ බොහොම සැපපහසු බස් වල නිසා කවුරුත් ඉතා ආශාවෙන් ගමන් අරබුහ.බස් රථයේ  ගමන් ගමන් කල කාලය ඇත්තටම විනෝදකාමී  විය.අපි සින්දු කිවුවෙමු.ඇතිවන තුරු නැටුවෙමු.උදේ ආහාරය කුරුණෑගල අවන්හලකින්ද,දහවල් ආහාරය අනුරාධපුරයෙන්ද, ගත්තෙමු.

අපි නැවතීමට තීරණය කර තිබු හෝටල් සංකීර්ණය වෙත ලගා වීමේදී හිතුවටත් වඩා රෑ බෝවී තිබුණි.රාති ආහාරය ගෙන සියලන්ම තමන්ගේ නිදන කාමර කර ගියහ.මගේ බැග් එක අතුරුදහන් වී තිබීම නිසා එය සෙවීමට සිදු විය.අවසානයේදී බස්රථයේම තිබී එය සොයා ගන්න ලදී.සියල්ලන්ටම ඉක්මනින් නින්ද ගියේ දවසම හෙම්බත් වී සිටි නිසාවෙනි.කෙසේ නමුත්,පසුදා උදාවිය.වේලාසනින් අවදි වූ බොහෝ දෙනා හැද පැළද ගෙන උදේ ආහාරය ගත්හ.ඉන් පසු දවසේ සැලැස්මට අනුව කටයුතු කිරීමට සිදුවිය.අපි මුලින්ම යා යුතුව තිබුනේ නල්ලුර් කොවිලටයි.එය සියලු දෙනාටම පාහේ නැවුම් අත්දැකීමක් වූ අතර දෙමල ළමුන්ට තම ජිවිතයේ ලැබූ මහගු භක්ග්‍යක් විය.සියලුම පිරිමි උඩුකය නිරාවරණය කර එහි ඇතුල් විය යුතුව තිබුණි.

නල්ලුර් කෝවිලේ පැය එකහමාරක් පමණ ගතකල අප ඉන්පසුව පැමිණියේ,යාපනයේ අච්නපති මහින්ද හතුරුසිංහ මහතා හමුවීමටය.ඔහු සමග ඇති වූ සාකච්චාව තුලදී යාපනය තුල දැන් පවතින තත්වය පිලිබදව තරමක් අවබෝධ කරගත හැකිවිය.එහි සිටි හමුදා අක්කාද මෙහිදී මතක් කල යුතුය.අපේ කට්ටිය හැම දේටම වගේ ෆොටෝ ගන්නත්,ඒවාට පෙනී සිටින්නත් දක්ෂයෝ වුහ.එම නිසා සැම තැනකදීම ඇතිවනතුරු ෆොටෝ ගත්හ.අනතුරුව දහවල් ආහාරය සදහා නැවතත් නවාතැන් පලට පැමිණි අප දහවල් ආහාරය ගත්හ.


ඉන්පසුව යාපනය විශ්වවිද්‍යාලයේ පැවති 'jaffna life style' ප්‍රදර්ශනය නැරබීමට ගියෙමු.යාපනයේ ජන ජිවිතව පිලිබදව බොහෝ තොරතුරු එහිදී දැක බලා ගැනීමට හැකි වූ අතර එය වටිනා අවස්ථාවක් විය.එය නරබා එන අතර යාපනය ධිවර සංගමයේ සභාපති සමග සකජ්ජාවකටද, සහභාගී විය.යාපනයේ ධිවර ජනතාව මුහුණ දෙන ගැටළු පිලිබදව එහිදී පුළුල් දැනුමක් ලබාගත හැකි විය.හවස කලපුවක් ළග ෆොටෝ ගත අපි බස් එකේ එන ගමන් ඇතිවනතුරු සින්දු කියකියා නැටුවෙමු.දවසම විවිධ කටයුතු දී සිටීම නිසා අපි හොදටන්ම හෙම්බත් වී සිටියෙමු.නවාතැන් පලට පැමිණ රාති ආහාරය ගත අපි රෑ සජියලා කාමරයට වී සින්දු කිවුවෙමු.රෑ tv එකත් බලා අපි නින්දට ගියෙමු.

පසු දිනයේත් බොහෝ වැඩ කොටසක් කිරීමට තිබු නිසා උදේ පාන්දර ම අවදි වූ අපි උදේ ආහාරය ගත්තෙමු.මුලින්ම යායුතුව තිබුනේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ස්ථානයක් නරභිම සදහායි.එමස්ථානයට පැමිණි අප එහි සිටි නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධව තොරතුරු රැසක් දැනගත් අතර ඒවා ද, දැක බලා ගන්න ලදී.ගිනි අවුවේ බිම් බෝම්බ ඉවත් කිරීමට වෙහෙසෙන අපගේම ආදරණිය රණවිරුවන් දුටු විට ඇසට කදුලක් නොඉනුනාම නොවේ. ඔවුනට සමුදුන් අපි එතනින් නික්ම 'උදයන් පුවත්පත් ආයතනයට' ගියෙමු.එහි කර්තු සමග සාකජ්ජවක නිරත වූ අපි ආයතනයේ වටපිටවද සහ උපකරණද  නරබුවෙමු.එන ගමන් යාපනයේ  NGO පිරිසක් සමග සාකජ්ජවක නිරත වූ අපි ඔවුන්ගේ අදහස් පිළිබදවද යම් අවබෝධයක් ලබා ගත්තෙමු.
ඉන්පසුව යාපනය දිස්ත්රික්කයේ ලේකම්තුමිය මුණ ගැසුණු අපි එතුමිය සමගද,වැදගත් සාකජ්ජවක නිරත විය.අනතුරුව දහවල් අහාරයගෙන යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්සමග කතා බහකට එකතු විය.ඔවුන්ගෙන් සමුගත් අපි අයිස් කරීම් කඩයකට පැමිණ ඇතිවනතුරු යාපනයේ අයිස් කරීම් රස වින්දෙමු.එය ඇත්තටම විනෝදජනක විය.නවාතැන් පලට පැමිණ රාත්‍රී ආහාරය ලබාගත් අපට director ගේ දේශනයකට ද සවන් දීමටද සිදුවිය.කාමර වලටවී ඇති වනතුරු සින්දු කි අපට මහන්සි නිසාම නින්ද ගියහ.
පසුදිනයේම පාන්දරම නැගිට යාපනයේ කොටුව නැරබීමට ගිය අපිට,යාපනය නගරයේ එතිහාසික සංස්කෘතිය පිළිබදවද යම් වැටහීමක් ලබාගැනීමට හැකි විය.පසුව අපගේ යාපනයේ අදරනියයන් හමුවීමට ගියෙමු.ඒ MRTC සිසුන්ය.ඔවුන් සමග ක්‍රියාකාරකම් කිහිපයක නියැලුණු අපි ඔවුන් සමගම දහවල් ආහාරය ගෙන ඔවුනට සමු දුන්නෙමු. ඉන් පසුව බෞද්ධ කවුරුත් යාමට මග බලා සිටි නාගදීපය වැදපුදා ගැනීමට,අපි පිටත් වුනෙමු.
                  
නාගදීපය දක්වා බෝට්ටුවේ කල සංචාරය කෙදිනකවත් අමතක නොවන පරිදි සිතේ රැදුනි.නාගදීපය වන්දනා මාන කල අපි අවසාන බෝට්ටුවෙන් දුපතෙන් පිටවනවිට පහත් පසු වි තිබුනි.එනගමන් නගරය ආසන්නයෙන් ගෙදර ගෙන යායුතු බඩු මිල දී ගත් අපි ඉක්මනින් නවාතැන් පලට පැමිණියේ 'දයා මාස්ටර්' සමග යොදා තිබුණු සකජ්ජවට සහබාගි වීම පිණිසය.

එය තරමක් උණුසුම් කාරී වූ අතර ඔහු ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීම පවා ප්‍රතික්ශේප කළේය.එය නිම වනවිට බොහෝ දෙනාට එය එපා වී තිබුණු බවට නම් සැකයක් නැත. එදින අපි යාපනයේ ගත කරන අන්තිම රාත්‍රිය විය.සිතට තරමක දුකක් දැනුනද පසුදා පාන්දරින්ම යාමට කතිකා කරගත් නිසා අපි නොනිද පහන් කිරීමට නොහැකි විය.එකිනෙකට සමු දී නින්දට ගිය අපි පසුදා පාන්දරින්ම අවදි වී යාපනයේ නවාතැන් පලට සමු දී බස් වල නැගී නැවතත් කොලබ බලා පිටත් වීමු.
අතමගදී උදේ අහාර ලබාගත් අප හසලක ගාමිණී රණවිරුවා තම ජීවිතය පුජ කල ස්ථානය නරභිමු.බසයේ එන ගමන නම් තරමක් වෙහෙසකාරී වූ නමුත් හැකි සැම අවස්ථාවකදීම සින්දු කියා නටා විනෝද වීමට අපි අමතක නොකළෙමු.දහවල් ආහාරය අනුරාධපුරයෙන් ලබාගත් අපි නොනවත්වාම කොලබට ඇදුනෙමු. සමහර ය මගින් බැස ගත් අතර මා සියල්ලන්ටම සමු දී බොරැල්ලෙන් බැස නිවසට යන බසය ලබා ගත්තෙමි.මට රාත්‍රී 9 ට පමණ නිවසට ළග වීමට හැකිවිය. මේ ආකාරයෙන් යාපන චාරිකාව නිමවා සනිටුහන් විය.
'කෙසේ නමුත් කිවයුතු දෙයක් ඇත,චාරිකාව නම්,හොදය.වරදක් නැත.එත් යම් යම් අඩුපාඩු නොතිබුණා නොවේ.ඒවා මෙහි ලිය තැබීමට අදහස් නොකරමි.යලි මෙවැනි චාරිකාවක් යන්නේනම් මීට වැඩ තරමක් සිතිය යුතුවේ'.          

Wednesday, September 14, 2011

news

2011/09/15
ජනතාව රකින්න, කොළඹ දිනන බව රනිල් කියයි.


කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කර ජනතාව ආරක්‍ෂා කරන බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා. මට්ටක්කුලිය - සමිතිපුර ප‍්‍රදේශයේ ඊයේ (14) පැවති රැස්වීමකට සහභාගී වෙමින් විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ඊයේ ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ද කොළඹ මහනගර සභාව පිළිබඳ අදහස් දැක්වූවා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ මහනගර සභාව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනගර සභාවක් බවට පත්කරන බවයි.

news

5 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අද නිකුත් කෙරේ.
2011/09/15

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල අද (14) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ ප‍්‍රකාශ කළා. හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද දහවල් 12 වනවිට ප‍්‍රතිඵල අන්තර්ජාලයට එක්කරන බවයි. www.doenets.lk වෙබ් අඩවියෙන් ප‍්‍රතිඵල ලබාගත හැකියි. පසුගිය අගෝස්තු 21 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්‍ෂ 21,427 ක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඉන් සිසුන් දෙලක්‍ෂ 41,610 ක් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි අතර, 79,817 ක් දෙමළ මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත් වුණා.

Thursday, June 9, 2011

Monday, April 25, 2011

අ-அ         ආ-ஆ         ඉ-இ        ඊ-ஈ         උ-உ         ඌ-ஊ           ඇ-எ           ඈ-ஏ          අයි-ஐ          ඔ-ஒ         ඕ-ஓ
ක්‍රමයක් සොයා ගමු.