My Blog List

Monday, October 10, 2011

                              යාල්පානමේ දින කිහිපයක්..


                        ශ්‍රී ලංකාව වූ කලි මුහුදින් වටවුණු දුපතකි.ඒ නිසාම ස්භාවස්වුන්ධර්යෙන් අනුනව රට නිර්මාණය වී තිබේ.දුපතක් වුවත්,විවිධ රටරට වල ඇති වන ආකාරයේ දේශසිමා අර්බුද අපට නොතිබුණා නොවේ.ප්‍රධාන වශයෙන් තිබුනේ, දෙමල ජනතාවගේ විමුක්තිය සදහා,ක්‍රියා කරනවා කියමින් කටයුතු කල LTTE සංවිධානයේ බලපෑම්ය.වර්තමානය වනවිට ඒ සියල්ලක්ම අවහිර වී රටට සාමය උදා වී ඇත.ඒ කුරිරු අතීතය අමතක කොට සියල්ලක්ම නව අනාගතයකට පා තබා ඇත.
යාපනය යනු, ශ්‍රී ලංකාවේ උතුරේ පැවති,ප්‍රධානතම නගරයයි.අතීතයේ පටන්ම දේශපාලනික මෙන්ම,ආර්ථික වශයෙන්ද,එය වැදගත් විය. වර්තමානයේ අපට එය ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ,LTTE යන්ගේ ප්‍රධානතම බලකදවුර එහි පිහිටා තිබීමත්,පැවති යුධමය වාතාවරණයත් නිසා දකුණේ ජනතාවට උතුරට යාමට නොහැකි වීම නිසා වසර ගණනාවක් යාපනය මොනවගේ දැයි දැකබලා ගැනීමට ඔවූනට නොහැකි වීමයි.දැන් යාපනයට ගොස් එහි සිරි අසිරි විදීමට ජනතාවට අවස්ථාව ලැබී ඇත.එහෙවු වූ අවදියක යාපනයේ සංචාරය කිරීමට කවුරුත් ආශා කරති.මටත් ඒ මහගු භාග්‍ය උදා විය.
මා යාපනය සංචාරය කලේ ,අපේ කොලේජ් එක මගින් සංවිධානය කල චාරිකාවට එක් වීමෙනි.අපි යාපනයේ සංචාරය කලේ,හුදෙක්ම විනෝද චාරිකාවක් යන අදහසකින් නොවේ.එහි ගොස් කිරීමට බොහෝ වැඩ ඇති බව යන්නට පෙර අපිව දැනුවත් කරන ලදී.කෙසේනමුත් නියමිත දිනය උදා විය.එට කලින් දිනයේ ඇදුම් ටික පැක් කිරීමට බොහෝ වෙලා ගත වූ බව මතකය.නියමිත වෙලාවට ළමුන් පැමිණ සිටියද, ඇතැමුන්ගේ ප්‍රමාදය නිසා ගමන පිටත් වීමට පැය භාගයක් පමණ ප්‍රමාද විය.යාමට තිබුනේ බොහොම සැපපහසු බස් වල නිසා කවුරුත් ඉතා ආශාවෙන් ගමන් අරබුහ.බස් රථයේ  ගමන් ගමන් කල කාලය ඇත්තටම විනෝදකාමී  විය.අපි සින්දු කිවුවෙමු.ඇතිවන තුරු නැටුවෙමු.උදේ ආහාරය කුරුණෑගල අවන්හලකින්ද,දහවල් ආහාරය අනුරාධපුරයෙන්ද, ගත්තෙමු.

අපි නැවතීමට තීරණය කර තිබු හෝටල් සංකීර්ණය වෙත ලගා වීමේදී හිතුවටත් වඩා රෑ බෝවී තිබුණි.රාති ආහාරය ගෙන සියලන්ම තමන්ගේ නිදන කාමර කර ගියහ.මගේ බැග් එක අතුරුදහන් වී තිබීම නිසා එය සෙවීමට සිදු විය.අවසානයේදී බස්රථයේම තිබී එය සොයා ගන්න ලදී.සියල්ලන්ටම ඉක්මනින් නින්ද ගියේ දවසම හෙම්බත් වී සිටි නිසාවෙනි.කෙසේ නමුත්,පසුදා උදාවිය.වේලාසනින් අවදි වූ බොහෝ දෙනා හැද පැළද ගෙන උදේ ආහාරය ගත්හ.ඉන් පසු දවසේ සැලැස්මට අනුව කටයුතු කිරීමට සිදුවිය.අපි මුලින්ම යා යුතුව තිබුනේ නල්ලුර් කොවිලටයි.එය සියලු දෙනාටම පාහේ නැවුම් අත්දැකීමක් වූ අතර දෙමල ළමුන්ට තම ජිවිතයේ ලැබූ මහගු භක්ග්‍යක් විය.සියලුම පිරිමි උඩුකය නිරාවරණය කර එහි ඇතුල් විය යුතුව තිබුණි.

නල්ලුර් කෝවිලේ පැය එකහමාරක් පමණ ගතකල අප ඉන්පසුව පැමිණියේ,යාපනයේ අච්නපති මහින්ද හතුරුසිංහ මහතා හමුවීමටය.ඔහු සමග ඇති වූ සාකච්චාව තුලදී යාපනය තුල දැන් පවතින තත්වය පිලිබදව තරමක් අවබෝධ කරගත හැකිවිය.එහි සිටි හමුදා අක්කාද මෙහිදී මතක් කල යුතුය.අපේ කට්ටිය හැම දේටම වගේ ෆොටෝ ගන්නත්,ඒවාට පෙනී සිටින්නත් දක්ෂයෝ වුහ.එම නිසා සැම තැනකදීම ඇතිවනතුරු ෆොටෝ ගත්හ.අනතුරුව දහවල් ආහාරය සදහා නැවතත් නවාතැන් පලට පැමිණි අප දහවල් ආහාරය ගත්හ.


ඉන්පසුව යාපනය විශ්වවිද්‍යාලයේ පැවති 'jaffna life style' ප්‍රදර්ශනය නැරබීමට ගියෙමු.යාපනයේ ජන ජිවිතව පිලිබදව බොහෝ තොරතුරු එහිදී දැක බලා ගැනීමට හැකි වූ අතර එය වටිනා අවස්ථාවක් විය.එය නරබා එන අතර යාපනය ධිවර සංගමයේ සභාපති සමග සකජ්ජාවකටද, සහභාගී විය.යාපනයේ ධිවර ජනතාව මුහුණ දෙන ගැටළු පිලිබදව එහිදී පුළුල් දැනුමක් ලබාගත හැකි විය.හවස කලපුවක් ළග ෆොටෝ ගත අපි බස් එකේ එන ගමන් ඇතිවනතුරු සින්දු කියකියා නැටුවෙමු.දවසම විවිධ කටයුතු දී සිටීම නිසා අපි හොදටන්ම හෙම්බත් වී සිටියෙමු.නවාතැන් පලට පැමිණ රාති ආහාරය ගත අපි රෑ සජියලා කාමරයට වී සින්දු කිවුවෙමු.රෑ tv එකත් බලා අපි නින්දට ගියෙමු.

පසු දිනයේත් බොහෝ වැඩ කොටසක් කිරීමට තිබු නිසා උදේ පාන්දර ම අවදි වූ අපි උදේ ආහාරය ගත්තෙමු.මුලින්ම යායුතුව තිබුනේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ස්ථානයක් නරභිම සදහායි.එමස්ථානයට පැමිණි අප එහි සිටි නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධව තොරතුරු රැසක් දැනගත් අතර ඒවා ද, දැක බලා ගන්න ලදී.ගිනි අවුවේ බිම් බෝම්බ ඉවත් කිරීමට වෙහෙසෙන අපගේම ආදරණිය රණවිරුවන් දුටු විට ඇසට කදුලක් නොඉනුනාම නොවේ. ඔවුනට සමුදුන් අපි එතනින් නික්ම 'උදයන් පුවත්පත් ආයතනයට' ගියෙමු.එහි කර්තු සමග සාකජ්ජවක නිරත වූ අපි ආයතනයේ වටපිටවද සහ උපකරණද  නරබුවෙමු.එන ගමන් යාපනයේ  NGO පිරිසක් සමග සාකජ්ජවක නිරත වූ අපි ඔවුන්ගේ අදහස් පිළිබදවද යම් අවබෝධයක් ලබා ගත්තෙමු.
ඉන්පසුව යාපනය දිස්ත්රික්කයේ ලේකම්තුමිය මුණ ගැසුණු අපි එතුමිය සමගද,වැදගත් සාකජ්ජවක නිරත විය.අනතුරුව දහවල් අහාරයගෙන යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්සමග කතා බහකට එකතු විය.ඔවුන්ගෙන් සමුගත් අපි අයිස් කරීම් කඩයකට පැමිණ ඇතිවනතුරු යාපනයේ අයිස් කරීම් රස වින්දෙමු.එය ඇත්තටම විනෝදජනක විය.නවාතැන් පලට පැමිණ රාත්‍රී ආහාරය ලබාගත් අපට director ගේ දේශනයකට ද සවන් දීමටද සිදුවිය.කාමර වලටවී ඇති වනතුරු සින්දු කි අපට මහන්සි නිසාම නින්ද ගියහ.
පසුදිනයේම පාන්දරම නැගිට යාපනයේ කොටුව නැරබීමට ගිය අපිට,යාපනය නගරයේ එතිහාසික සංස්කෘතිය පිළිබදවද යම් වැටහීමක් ලබාගැනීමට හැකි විය.පසුව අපගේ යාපනයේ අදරනියයන් හමුවීමට ගියෙමු.ඒ MRTC සිසුන්ය.ඔවුන් සමග ක්‍රියාකාරකම් කිහිපයක නියැලුණු අපි ඔවුන් සමගම දහවල් ආහාරය ගෙන ඔවුනට සමු දුන්නෙමු. ඉන් පසුව බෞද්ධ කවුරුත් යාමට මග බලා සිටි නාගදීපය වැදපුදා ගැනීමට,අපි පිටත් වුනෙමු.
                  
නාගදීපය දක්වා බෝට්ටුවේ කල සංචාරය කෙදිනකවත් අමතක නොවන පරිදි සිතේ රැදුනි.නාගදීපය වන්දනා මාන කල අපි අවසාන බෝට්ටුවෙන් දුපතෙන් පිටවනවිට පහත් පසු වි තිබුනි.එනගමන් නගරය ආසන්නයෙන් ගෙදර ගෙන යායුතු බඩු මිල දී ගත් අපි ඉක්මනින් නවාතැන් පලට පැමිණියේ 'දයා මාස්ටර්' සමග යොදා තිබුණු සකජ්ජවට සහබාගි වීම පිණිසය.

එය තරමක් උණුසුම් කාරී වූ අතර ඔහු ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීම පවා ප්‍රතික්ශේප කළේය.එය නිම වනවිට බොහෝ දෙනාට එය එපා වී තිබුණු බවට නම් සැකයක් නැත. එදින අපි යාපනයේ ගත කරන අන්තිම රාත්‍රිය විය.සිතට තරමක දුකක් දැනුනද පසුදා පාන්දරින්ම යාමට කතිකා කරගත් නිසා අපි නොනිද පහන් කිරීමට නොහැකි විය.එකිනෙකට සමු දී නින්දට ගිය අපි පසුදා පාන්දරින්ම අවදි වී යාපනයේ නවාතැන් පලට සමු දී බස් වල නැගී නැවතත් කොලබ බලා පිටත් වීමු.
අතමගදී උදේ අහාර ලබාගත් අප හසලක ගාමිණී රණවිරුවා තම ජීවිතය පුජ කල ස්ථානය නරභිමු.බසයේ එන ගමන නම් තරමක් වෙහෙසකාරී වූ නමුත් හැකි සැම අවස්ථාවකදීම සින්දු කියා නටා විනෝද වීමට අපි අමතක නොකළෙමු.දහවල් ආහාරය අනුරාධපුරයෙන් ලබාගත් අපි නොනවත්වාම කොලබට ඇදුනෙමු. සමහර ය මගින් බැස ගත් අතර මා සියල්ලන්ටම සමු දී බොරැල්ලෙන් බැස නිවසට යන බසය ලබා ගත්තෙමි.මට රාත්‍රී 9 ට පමණ නිවසට ළග වීමට හැකිවිය. මේ ආකාරයෙන් යාපන චාරිකාව නිමවා සනිටුහන් විය.
'කෙසේ නමුත් කිවයුතු දෙයක් ඇත,චාරිකාව නම්,හොදය.වරදක් නැත.එත් යම් යම් අඩුපාඩු නොතිබුණා නොවේ.ඒවා මෙහි ලිය තැබීමට අදහස් නොකරමි.යලි මෙවැනි චාරිකාවක් යන්නේනම් මීට වැඩ තරමක් සිතිය යුතුවේ'.          

Wednesday, September 14, 2011

news

2011/09/15
ජනතාව රකින්න, කොළඹ දිනන බව රනිල් කියයි.


කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කර ජනතාව ආරක්‍ෂා කරන බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා. මට්ටක්කුලිය - සමිතිපුර ප‍්‍රදේශයේ ඊයේ (14) පැවති රැස්වීමකට සහභාගී වෙමින් විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ඊයේ ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ද කොළඹ මහනගර සභාව පිළිබඳ අදහස් දැක්වූවා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ මහනගර සභාව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනගර සභාවක් බවට පත්කරන බවයි.

news

5 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අද නිකුත් කෙරේ.
2011/09/15

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල අද (14) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ ප‍්‍රකාශ කළා. හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද දහවල් 12 වනවිට ප‍්‍රතිඵල අන්තර්ජාලයට එක්කරන බවයි. www.doenets.lk වෙබ් අඩවියෙන් ප‍්‍රතිඵල ලබාගත හැකියි. පසුගිය අගෝස්තු 21 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්‍ෂ 21,427 ක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඉන් සිසුන් දෙලක්‍ෂ 41,610 ක් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි අතර, 79,817 ක් දෙමළ මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත් වුණා.

Thursday, June 9, 2011

Monday, April 25, 2011

අ-அ         ආ-ஆ         ඉ-இ        ඊ-ஈ         උ-உ         ඌ-ஊ           ඇ-எ           ඈ-ஏ          අයි-ஐ          ඔ-ஒ         ඕ-ஓ
ක්‍රමයක් සොයා ගමු.

Sunday, March 13, 2011

     දකුණු ආසියාව තුළ ඇති එකම පුවත් පැමිණිලි කොමිසම ශ්‍රී ලංකාවේ පිහිට ඇති බව පුවත්පත් පැමිණිලි කොමිසමේ,විධායක නිලධරි කමල් ලියනාරච්චි පවසා සිටියි.
                                 මුද්‍රිත මාද්‍ය හරහා කිසියම් පුද්ගලයෙකුට අසාදාරනයක් සිදුවන්නේ නම් හෝ සිදු වූ  විට ඊට අදාල පියවර ගැනීම පුවත්පත් පැමිණිලි කොමිසමෙන් සිදුවේ.2003 වර්ෂයේ සිට ආරම්භ කර ඇති පුවත් පත් පැමිණිලි කොමිසමට මේ දක්වා පැමිණිලි 900 කට අධික ප්‍රමාණයක් ලැබී ඇත.
                    2010 වර්ෂයේ පමණක් පැමිණිලි 131 ක් ලැබී ඇත.එයින් 30 ක් දැනටමත් විසදා ඇති බව කමල් ලියනාරච්චි මහතා පවසයි.එතිරි පැමිණිලි වලින් 18 ක් ඉල්ලා ඇති බවත්,45 ක් පමණ අදාල නොවන පැමිණිලි බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියි.
                         අද්යක්ෂක මණ්ඩලය,ආරවුල් නිරාකරණ මණ්ඩලය,ලේකම් කාර්යාලය  යන අංශ වලින් පුවත් පත් පැමිණිලි කොමිසමේ වියුහය සමන්විත වේ.
                       ආචාරධර්ම වලට අනුව තම ආයතනය කටයුතු කරන බවත් ජනමාද්‍ය වේදීන්ට අසීමිත බලයක් ඇති බවත් එය පරිස්සමින් භාවිතා කරන ලෙසත් ඔහු පවසා සිටියේය.
             පසුගිය සිකුරාදා (12)ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කමල් ලියනාරච්චි මහතා මේ අදහස් පළ කළේය.
                                                                                                                                                                                         (2011/03/14)

Thursday, March 10, 2011

අධික වර්ෂව සහිත කාලගුණික තත්වය පහව යාමත් සමග ගංවතුර තත්වය පහව යන බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසති. ජලගැල්ම නිසා හානි වූ මහාමාර්ග රැසක කටයුතු මේවනවිට යථාතත්වයට පත් වී ඇත.
                  කෙසේ නමුත් මේ හේතුවෙන් පවුල් 348100 කට අධික පිරිසක් පිඩාවට පත්ව ඇතැයි අපදාකලමනකරන මද්යස්ථානයේ සහකාර අද්යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.ඔඋනට අවශ්‍ය පහසුකම් හා පානීයජලය නොකඩවා ලබාදෙන බව ඒ මහතා වැඩි දුරටත් පැවසිය.
                  දිවයිනට බලපා ඇති කලබිලි සහගත තත්වය තවමත් පහව ගොස් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කාලගුණ විද්‍ය්ග චමින්ද ද සිල්වා මහතා පැවසුවේ නැගෙනහිර,උතුරුමැද,උව පළාත් වලට තවමත් වැසි ඇතිවිය හැකි බවයි.
                                      
                                                                                                                                       (2011/03/10)

Tuesday, March 8, 2011

පුත්තලම දිස්ත්රික්කයේ මොරවැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (01) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අරඹ කිරීමට නියමිතය.ගංවතුර හේතුවෙන් විනාශයට පත් යු වැවු 2000 ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ පිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වේ.
                              ගැන වතුරින් හානියට පත් වාරිමාර්ග කිරීමේ වැඩ පිළිවෙලක්ද ඇරභිමට නියමිතය.පුත්තලම දිස්ත්‍රික්කයේ කල්අඩිය මංසන්දියේදී උත්සවය පැවැත්වීමට නියමිතය.
                                                                                                                                                                 2011/03/08
පුත්තලම දිස්ත්රික්කයේ මොරවැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (01) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අරඹ කිරීමට නියමිතය.ගංවතුර හේතුවෙන් විනාශයට පත් යු වැවු 2000 ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ පිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වේ.
                              ගැන වතුරින් හානියට පත් වාරිමාර්ග කිරීමේ වැඩ පිළිවෙලක්ද ඇරභිමට නියමිතය.පුත්තලම දිස්ත්‍රික්කයේ කල්අඩිය මංසන්දියේදී උත්සවය පැවැත්වීමට නියමිතය.
                                                                                                                                                                 2011/03/08

Monday, March 7, 2011

            රාජකාරියෙහි නියැලෙමින් සිටින අතරතුර සිදුවන හදිසි අනතුරු වලින් මිය යන ශ්‍රමිකයන් සදහා ගෙවන වන්දි මුදල දෙගුණ කර ඇතැයි,කම්කරු හා මිනිස් බල අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා ප්‍රකාශ කරයි.වැඩ කරනු ලබන ජනතාවගේ යහපත පිණිස නව කර්මාන්තශාලා පනතක්,ඇතුළු අණපනත් රැසක් එදිරියේදී හදුන්ව දීමට නියමිත බවද,ඒ මහතා ප්‍රකාශ කළේය.
                  පසුගිය(12)ඉරිදා බෝගල මිනිරන් ශ්‍රවනාගාරයේදී පවතී උත්සවයකදී ඔහු විසින් මේ බව සදහන් කරන ලදී."මෙහෙය පිණිස සුව සුරැකුම"යන තේමාව යටතේ කම්කරු හා මිනිස් බල අමාත්යංශය ලෝක කම්කරු මෙම උළෙල සංවිදානය කර තිබුණි. 
                                                                                                                                                               (2011/03/08)
ශ්‍රී ලංකා  ජනමාද්‍ය විද්‍යාලයේ,2010 වර්ෂය සදහා වූ ඩිප්ලෝම සහතික පත් ප්‍රදානය කිරීමේ උළෙල කොලබ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
                               මෙම පාඨමාලාව හරහා සමාජයට දක්ෂ,විනයවත් ජනමාද්‍යවේදීන් පිරිසක් බිහි වන බව ප්‍රදාන ආරාධිත අමුත්තිය ලෙස සපැමනි,නෝවීජියානු තානාපති,හීල් ඩේ හැරල් ස්ටටේ මැතිනිය ප්‍රකාශ කලාය.තම රට ඉතා උත්සාහයෙන් නැගී සිට බවත්,තමන් ශ්‍රී ලංකාව වැනි රට වල මෙවැනි සමාජ සත්කාරයන් සදහා උදවු  උපකාර කිරීමට කැමති බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.ස්වීඩනයේ ලිනියුස් විශ්වවිද්‍යාලයේ වප්පෘති කළමනාකරණ උපදේශිකා ෆියෝනා බර්ටන් මැතිනිය සහ sunday island පුවත්පතේ කර්තෘ මැනික්  ද සිල්වා යන මහත්ම,මහත්මින්ද,ආරදිතයන් ලෙස සහභාගී විය,
                                      පසුගියදා පවතී මෙම උළෙලේදී 2010 වසරේ ජනමාද්‍ය පාඨමාලාව සාර්ථකව නිම කල සිසු සිසුවියන් 71 දෙනෙකු සදහා සහතික පත් ප්‍රදානය කෙරුණි.සිසුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක්ද,මෙයට සහභාගී විය.දනට 2011 වර්ෂය ඩිප්ලෝම පටමාලාව හදාරන සිසුන්ගේ සහබගිත්වයද මෙහිදී කැපී පෙනුනි.උත්සවය සවස 4 සිට  6 දක්වා පැවතුනි.
      සිසුන්ගේ දක්ෂතාව අනුව ඔවුන් ඇගයීමට ලක් කෙරුණි.රුපවාහිනී අංශයේ,රුවිනි මහිෂා,ගුවන්විදුලි අංශයේ,හර්ෂ රුපරත්න.මුද්‍රිතඅංශයේ,අමිරා මරියන්ට්  වසරේ දක්ෂම සිසුන් ලෙස සම්මානයට පත්විය.
                           දැනට,දකුණු ආසියාවේ හොදම ජනමද්යවෙදින් පුහුණු කිරීමේ ආයතනය වන මෙය,දැනට ජනමද්යවෙදින් රැසක්ම රටට බිහිකර ඇත,.

Monday, February 28, 2011





                                  මම පනින්නයි හදන්නේ....
ලංකාවේ ක්‍රිකට් මැච් තියෙන දවස් බලාගන්න මෙන්න  මේක බලන්න.

cricket







හරි හරි මේක අපේ තමයි.
ඔයාල මොකද හිතන්නේ?????

Thursday, February 24, 2011

NEWS 25/02/2011



හානියට ලක් වූ කුබුරු වලින් එක්‌ රැස් වූ  වැලි  ඉවත් කිරීමට පියවර.

පසුගිය දිනවල ඇති වුනු අපදා තත්වය හේතුවෙන් කුබුරු හා වගාබිම් වලට විශාල ලෙස වැලි එකතු වී ඇත.මේවා ඉවත් කර කුබුරු හිමියන්ට එම වැලි ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ගොවිජන සේවා හා වන ජීවී අමාත්යංශය විසින් , ගොවි ජන සේවා කොමසාරිස් ජනරාල් රවේන්ද්‍ර හේවාවිතාරණ මහතාට උපදෙස් ලැබී ඇත.
                       තවද,ජනාඩිපතිතුමන්ගේ උපදෙස් වලට අනුව,චක්ක්‍රලෙක වලට පමණක් සිමා නොවී විපතට පත් වූ ගොවීන්ට  සහන සලසන ලෙසත් උපදෙස් ලැබී ඇත.මේ සදහා ප්‍රදේශයේ ලේකම් කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා පොලිස් ස්ථාන වලද සහය ලබා ගැනීමට අපේක්ෂා කරයි.
             දැනට වගාබිම් වලට එක්රැස් වී  ඇති වැලි හේතුවෙන් යල කන්නය වග කිරීම තරමක් අපහසු වී ඇති බව අමාත්යංශය පවසා සිටි.

NEWS 24/02/2011



දුම්රියේ පාපුවරුවේ අනාරක්ෂිතව පුද්ගලයන් ගමන් කිරීම නිසා ජිවිත රැසක් අනතුරේ.

දුම්රියේ පාපුවරුවේ අනාරක්ෂිතව පුද්ගලයන් ගමන් කිරීම නිසා ඔඋන් විවිධ අනතුරු වලට ලක්වීමෙන් ජීවීතක්ෂයට පත් වන බව ශ්‍රී ලංකා දුම්රියේ අද්යන සැලසුම් විජය සමරසිංහ මහතා පැවසිය.ඊයේ දිනයේද මෙලෙස දුම්රිය පාපුවරුවේ ගමන්ගත් පුදගලයෙක් අලවතුපිටිය දුම්රියේ ස්ථානයේ වේදිකාවේ ගැටී ජීවීතක්ෂයට පත් වූ බව පවසන ඒ මහතා වැඩි දුරත් පැවසුයේ පසුගිය සතියේද මෙවැනි අනතුරු කිහිපයක්ම සිදු වූ බවයි.
                දුම්රිය මාර්ගය දෙපස ඇති පාලම්,හා වේදිකාවල ගැටීමෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවේ.දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අනතුරු වලින් තම වටිනා ජිවිත ආරක්ෂා කරගනිමින් නිසි පරිදි
දුම්රියේ ගමන් ගන්න ලෙසයි.

Monday, January 31, 2011

ko....................

එන්න අප හා එක්වන්න .දැන්  අපි නව ගමනක.

Friday, January 21, 2011

ko?

            138    මම හිටිය,              
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     මම college එකෙන් එළියට යනකොට මොකද්ද කරන්න ඕනේ කියලා,හරියටම තේරුමක් තිබුනේනා.ඔහේ කට්ටියත් එක්ක එළියට බැස්සේ.සුපුරුදු පරිසරයම අදත් ඒ විදිහටම තිබුණා.හරිම කාර්යය බහුලයි.මිනිස්සු තමන්ගේ විවිධ කටයුතු වලට එහාමෙහා යනවා.වාහනත් හරක් ගාලක් වගේ හැම තැනම දුවනවා.පොඩ්ඩක් විමසිල්ලෙන් බලනකොට මට තේරුණා අපිට ලියන්න,කියන්න ගොඩක් දේවල් තියෙනවා නේද කියලා.                         
                                                සමහරු පොලේ යනගමන්,සමහරු shoping යනගමන්,සමහරු තව තව ගමන් යනවා,ඒ අතරේ සමහර අය එළවළු විකුනනවා,සමහර අය තැබිලි විකුනනවා,බත් පැකේට් විකුනනවා.තවත් අය පාර අතුගානවා,මේ වගේ විවිධ දේවල්.කලින් ඒ අයව  දැකල තිබුනත් හොදටම ඇතුළට ගිහින් බලලා අධ්‍යනය කරලා තිබුනේ නැති නිසා අද ඒ අවස්ථාව අවා කියලා හිතුනා.මගේ යාළුවෝ ඒ එක එක්කෙනා ළගට ගිහින් තොරතුරු ලබා ගනිමින් හිටියේ මාත් එයාලට කතා කලා.හදිස්සියේම පිටිපස්සෙන් මිනිහෙක් මහා හයියෙන් කෑ ගහනවා;'නගින්න,නගින්න පිටකොටුව පිටකොටුව',කොන්දොස්තර මහතෙක් ,'ආ ...මල්ලි,මොකද්ද midia ද?  හරි, මම හොයාගත්තා,හරි අපි කවුරුත්  දන්නා,එත් privet බස් වල , රියදුරන් සහ කොන්දොස්තර මහතුන්ගේ ජිවිතේ ගැන නොදන්නා අලුත් කතාවයි මේ.
                        ඇත්ත,අපේ රටේ පොදු ප්‍රවාහන සේවය බස් රථ.අපි වගේ සාමාන්‍ය ජනතාවට එක ගොඩක් වැදගත්.එත් අපි ඒ සේවයේ දකින්නෙම වැරදි . නැහැ,ඇත්ත එක නෙමේ,ලංකාවේ,75%කම තියෙන්නේ privet බස්.ඉතින් අපිට එක වැදගත්,ඒවයේ ඓතිකාරයෝ කවුරු උනත් වැඩ කරන මිනිස්සු සාමාන්‍ය අය.ඒ අයට සමාජයෙන් ලැබෙන්නේ පහත් තත්වයක්.එත් ඒ අය හින්දා තමයි අපි වෙලාවට වැඩ කරන්නේ.මට අද කතා කලේ ,හේරත් බණ්ඩාර කියලා වයස 45 ක කොන්දොස්තර මහතෙක්.පදිංචිය දෙහිඅත්තකන්ඩියේ.ළමයි 4 දෙනෙක් ඉන්නවා,ගෙදරට light නෑ.නිදා ගන්නේ බස්සෙකේ. උදේ 6-3 දක්වා වැඩ.පඩිය රු ;600 යි.ඉතිරි කරන්නේ රු;350 යි.
               තව කෙනෙක් අරුණ,එයත් ඒ වගේ.මගේ අදහසනම් අපේ රටේ privet බස් සේවකයන්ට නිසි තැනක් ලැබෙන්න .පොඩ්ඩක් බැරි උනත් ඔක්කොම අගේ නගිනවා.police යත් දඩ ගහන්න දන්නැනේ.බස් එකට ලොක්කන්ට වග කියන්න ඔන්නෙත් ඒ අය .ඔඋන්ට ලොක්කන්ගේ පදයට නටන්න වී ඇත. අමතරව ලැබෙන කිසි දෙයක් නැත .මේ වගේ ගොඩක් අසාධාරනකම් ගොඩක් ඔඋන්ට තියෙනවා.කෞඔද  මේවට වග කියන්නේ. කයුරුත් නෑ.
                                     මේකට පිළියමක්‌ සොයා බැලිය යුතු නොවේද ?අනිවාර්යෙන්ම,බැලිය යුතුය.මෙය රජයේ සහ අනෙකුත් ඉහළ නිලධාරීන් දැනුවත් කලා යුතුවේ.මගේ ප්‍රර්ථනයනම්,ලංකාවේ privet බස්  වලට යහපත් හෙටක් යන්නයි!
                                                                                                                                                        thank you all of met me.             

Thursday, January 13, 2011

ko''''

ජනමාද්‍ය  ක්ෂේත්‍රය  හුදු  විෂය  නිර්දේශයකට  පමණක් සීමා නොවූ, පුළුල් පරාසයක් පුරා පැතිරී යන ක්ෂේත්‍රයකි.ලෝකය පුරා සිදුවන සන්නිවේදන කාර්යන් තුලදී එය ප්‍රධාන තැනක් ගනී.සාමාන්‍ය ජනතාවට නිවැරදි තොරතුරු සම්ප්‍රේෂණය කිරීම,ඔවුන්ගේ අදහස් වලට සවන්දීම හා ඉල්ලීම් වලට ගෞරව කිරීම ජනමද්‍යවෙදියෙකු සතු ලක්ෂණයකි.වර්තමානය වනවිට බොහෝදෙනා මේ පිළිබදව අවධානය යොමු කරනු බව පෙනේ.